Rohana Weerasinghe - Rata Karawanta Nam - Medley lyrics
Artist:
Rohana Weerasinghe
album: Reliving Prime Classics (Golden Edition)
රට කරවන්ට නම්
දළඳා මැඳුර අධිකව මිලකල හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය
කළුගල් වලට විකුණාගෙන සීගිරිය
සීගිරි කුරුටුගී බයිලා කලහැකිය
රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතරවටේ
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ
මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ
පොළවේ උරුමේ කියමින්
බිලි දී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලෝ නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්
මව් තුරුළේ පිපෙන මලට
ලන්සු තියන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරු වෙලා කාසි වලට
කොළොම් තොටින් නැව් නැග්ගේ
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහ පැටවු
තුටු වෙද අනුනගෙ ඉඳුලින්
අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුර'රින්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන්
Поcмотреть все песни артиста
Other albums by the artist