Annesley Malawana - Sumudu Mal lyrics
Artist:
Annesley Malawana
album: 16 Golden Hits of Annesley Malawana
සුමුදු මල් පිපුණු අතු කොනේ
කුරුළු නිවහන බලා
කුරුළු ජෝඩුවක් පැමිණිලා
නිවහනේ සැඟවුණා
ටික මොහොතකින්ම ඒ කිරිල්ලී
අතු කොනින් ඉගිලුණා
අමනාපයෙන්ම ඒ කුරුල්ලා
නිවහනේ නැවතුනා
කෝ ඇය කොහේ ගියාදෝ
මා මෙහි දමා ගියාදෝ
ආදර වදන් අසාලා
වෙනකෙකු සොයා ගිහිල්ලා
සුමුදු මල් පිපුණු අතු කොනේ
කුරුළු නිවහන බලා
කුරුළු ජෝඩුවක් පැමිණිලා
නිවහනේ සැඟවුණා
ඇය ගැන සොයා බලම්දෝ
ඇය අමතක කරම්දෝ
මා ගින්දරේ දමාලා
වෙනකෙකු සොයා ගිහිල්ලා
සුමුදු මල් පිපුණු අතු කොනේ
කුරුළු නිවහන බලා
කුරුළු ජෝඩුවක් පැමිණිලා
නිවහනේ සැඟවුණා
ටික මොහොතකින්ම ඒ කිරිල්ලී
අතු කොනින් ඉගිලුණා
අමනාපයෙන්ම ඒ කුරුල්ලා
නිවහනේ නැවතුනා
Поcмотреть все песни артиста
Other albums by the artist