Desmond De Silva - Rosa Kalle lyrics
Artist:
Desmond De Silva
album: Baila Raajje
රෝස කැලේ මට මතකයි ඔබයි මමයි දෙන්නා
පාට දිගේ මල් කඩ කඩ පඳුරු උඩින් පැන්නා
දෝසි කැටේ මට කවනවා දැක ඔබේ මව බැන්නා
කාසි ගොඩේ ඉපදුණ ඔබ සුදු අත මට දුන්නා
ආදරේ ආදරේ රත්තරන් ආදරේ
අපි පාසලේ දී බැන්ද ආදරේ
සීතලේ සීතලේ වෙවුලනවා සීතලේ
අයිස්කැටේ මගේ නේද ආදරේ
♪
පාර දිගේ මම දවසක් කැරකි කැරකි උන්නා
මාව දැකලා ඔබේ පිය රජ සොල්දරයෙන් පැන්නා
කාණු දෙකේ තුවක්කුවක් ජනේලයෙන් පෙන්නා
ලෝබ නැතුව පතුරන් දමලා වෙඩිමුර දුන්නා
ආදරේ ආදරේ රත්තරන් ආදරේ
අපි පාසලේ දී බැන්ද ආදරේ
සීතලේ සීතලේ වෙවුලනවා සීතලේ
අයිස්කැටේ මගේ නේද ආදර
♪
රෑට ඇඳේ නින්ද නැතුව ඔබ ගැන කවි ලිව්වා
මාල හතක් පළඳන්නට කුමාරයෙක් ඇහුවා
නීල නුවන් මුහුණ බලාගෙන මට බොරු කිව්වා
මාලි ඔයා මට නොකියම පාන්දරම දිව්වා
ආදරේ ආදරේ රත්තරන් ආදරේ
අපි පාසලේ දී බැන්ද ආදරේ
සීතලේ සීතලේ වෙවුලනවා සීතලේ
අයිස්කැටේ මගේ නේද ආදරේ
Поcмотреть все песни артиста
Other albums by the artist