පෘතුගීසි කාලේ අපි දෙන්නා බැන්ඳ ආලේ
මට මතක් වෙනවා ගහපන් ඩෝලේ
ලන්සි ගෙදර සාලේ මම උඹට දැම්ම මාලේ
අද උකස් කෙරුවා දමන්න රෝලේ
♪
බබි ආච්චිගේ බයිසිකලේ ලෙස්සලා
හැඬල් එකේ දත් සැට් එක හැප්පිලා
පාර මැද්දේ කොල්ලො කෙල්ලො රොක් වෙලා
පස්ස රෝදේ ටයර් ටියුබ් උස්සලා
♪
කොඩිගහ යට බයිලා මල්ලේ ඉපදිලා
කොටුවේ ඉඳන් මරදානට විසිවෙලා
නටපු ආයා සාය ටිකක් උස්සලා
බබ්බු එක්ක දොම්පේ ගියා හැංගිලා
♪
රෝසා ගිහින් පොල්ල අරන් එනකොට
බල්ලා ගිහින් බෝක්කුවක් ඇතුලට
තෝර තෝර ලස්සන මල් කැඩුවට
කෙල්ල දමලා කොල්ල ගියා පිටරට
පෘතුගීසි කාලේ අපි දෙන්නා බැන්ඳ ආලේ
මට මතක් වෙනවා ගහපන් ඩෝලේ
ලන්සි ගෙදර සාලේ මම උඹට දැම්ම මාලේ
අද උකස් කෙරුවා දමන්න රෝලේ
Поcмотреть все песни артиста
Other albums by the artist