නිකම්ම මම ගෙයි ඉන්නව දැකලා
කූඩුවේ දාගෙන හදන්න කියලා
කාක්කො දෙන්නෙක් ගෙනල්ලා දුන්නා අපේ පුංචි මාමා
අපේ පුංචි මාමා
මොකක්ද මේ බහු බූතය අසාපී
නැන්දයි මාමයි රණ්ඩු කරාපී
හොඳින් කියන්නම් එළවල දාපන් කාක් පැටව් දෙන්නා
කාක් පැටව් දෙන්නා
කාක්කො දෙන්නා කූඩුවේ ඉන්නේ
නැන්දා මාමට දත්මිටි කන්නේ
එලෙව්වේ නැත්නම් බලපං අද රෑ කාක් පැටව් දෙන්නා
කාක් පැටව් දෙන්නා
රෑ මැද කුස්සියේ සද්දයක් ඇසුණා
මං හනි හනිකට කූඩුව බැලුවා
කාක්කො දෙන්නා වෙනුවට උන්නේ අපේ පුංචි මාමා
අපේ පුංචි මාමා
නිකම්ම මම ගෙයි ඉන්නව දැකලා
කූඩුවේ දාගෙන හදන්න කියලා
කාක්කො දෙන්නෙක් ගෙනල්ලා දුන්නා අපේ පුංචි මාමා
අපේ පුංචි මාමා
Поcмотреть все песни артиста
Other albums by the artist