Nanda Malani - Weta Kottu Bada lyrics
Artist:
Nanda Malani
album: Dinapathi Hinaheva
යදමින් බැද විලන්ගුලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ පාසල් වල අමනයන්
රට ගිනිගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්
ගිනි ගන්න රටක කෙලින මීහරක් වැනි පුතුන්
මහ විරුවෙකි සිර ගෙයි මළ මගෙ පුතුන්
කෝටි ගනන් බිහි වේවා මගේ පුතු වැනි පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් උතුම්
Поcмотреть все песни артиста
Other albums by the artist