උඩරට සිට මැණිකෙ කෙනෙක් ආවා වාසිටි
ඇවිත් වාසිටි වැටුණා ආට් ෆැකල්ටි
නිල් පාටයි රතු පාටයි මැණිකෙගෙ සාරි
මුළු වාසිටියටම හිටිය හරි හැඩකාරි
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
රනින් ෂෝට් ගහල තමයි මැණිකෙ දුවන්නේ
හන්ඩ්රඩ් යාඩ්ස් ටූටුවෙන්ටි කප්ම ගහන්නේ
අටට තියෙන ලෙක්චර් එකට හතටයි එන්නේ
හතේ ඉඳන් අට වෙනතුරු සයිකෝ ගහන්නේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
මැණිකෙ ලස්සනයි කිව්වෙ පිස්සු ලෙක්චරර්
අත මිරිකලා උණ බැලුවේ ගම්පි දොස්තර
ඔෆිස් එකේ කිස් කෙරුවේ කවලා බිත්තර
දන්නෙ මමයි සුදු මැණිකගෙ නියම විස්තර
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
දවසක්දා රෑ දොළහට මැණිකේ ඇඬුවා
සද්දෙ ඇහිලා ඇල්ශේෂන් බල්ලෙක් බිරුවා
මම ගිහිල්ලා සූප්පුවක් දෙන්නද ඇහුවා
චටස් කියලා සපත්තුවෙන් දමාලා ගැහුවා
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
දවසක්දා මම යනකොට ලවර්ස් ලේන් එකේ
මැණිකෙ යනවා ලෙක්චරයාගේ හොන්ඩා සයිකලේ
අඬගැහුවම යමුද කියලා මගේ කාර් එකේ
හම්බ වෙන්න කිව්වා පස්සෙ නයිට් ක්ලබ් එකේ
මැණිකෙ කපෝති
මැණිකෙ කපෝති
මැණිකෙ කපෝති
හපොයි මැණිකෙ කපෝති
මැණිකෙ කපෝති
හපොයි මැණිකෙ කපෝති
හපොයි
Поcмотреть все песни артиста
Other albums by the artist