Nihal Nelson - Aathara Peethara lyrics
Artist:
Nihal Nelson
album: Salli Miti Ganan
ආතර පීතර යාළුවෝ දෙන්නා
පොඩ්ඩයි වෙනස නමේ
කෑමද බීමද ඇඳුම පැළඳුමද
එකටයි එකම ගමේ
මිරිස් ගල් කොටයි ආතර අයියා
පච්ච කොටනවා පීතර අයියා
දෙන්නම එකම ගමේ
ඔව් දෙන්නම එකම ගමේ
ආතර පීතර යාළුවෝ දෙන්නා
පොඩ්ඩයි වෙනස නමේ
කෑමද බීමද ඇඳුම පැළඳුමද
එකටයි එකම ගමේ
මිරිස් ගල් කොටයි ආතර අයියා
පච්ච කොටනවා පීතර අයියා
දෙන්නම එකම ගමේ
ඔව් දෙන්නම එකම ගමේ
කුරක්කන්ද මිරිස් ගල්ද
අළුත් ගල්ද පරණ ගල්ද
කොටන්නේ ආතර අයියා
සර්පයෙක්ද ගෑනියෙක්ද
කිණිස්සක්ද පඬිවදන්ද
කොටන්නේ පීතර අයියා
දෙන්න එක්ක දිනක් රෑක
නිවාඩුවක් ගත්ත දාක
පොඩියට අඩියක් ගැහුවා
හොඳ අගේට පිට වටේට
පඬිවදනක් කොටා දෙන්න
ආතර පීතරට කිව්වා
මරුවා සමගයි වාසේ
අම්මා බුදුවේවා
හොඳ එක කොටපන් කිව්වා
පීතරයත් කෙටුවා
ආතර පීතර යාළුවෝ දෙන්නා
පොඩ්ඩයි වෙනස නමේ
කෑමද බීමද ඇඳුම පැළඳුමද
එකටයි එකම ගමේ
මිරිස් ගල් කොටයි ආතර අයියා
පච්ච කොටනවා පීතර අයියා
දෙන්නම එකම ගමේ
ඔව් දෙන්නම එකම ගමේ
කොයි කාටත් වටේ ඉන්න
කෙටූ පච්චෙ බලාගන්න
ආතර ටවුමට ආවා
ටවුමේ ඉන්න සියල්ලෝම
පටන්ගත්ත හූ කියන්න
ආතර ගෙදරම දිවුවා
පීතරයට ගෙදර ඉන්න
දෙකක් ඇනලා තරු පේන්න
මොනවද කෙටුවේ ඇහුවා
වෙච්ච දේට සමාවෙන්න
එපා ඕවා ගනන් ගන්න
පීතර වැඳ වැඳ කිව්වා
වෙරිමරගාතෙට අයිසේ
මිනිහට පැටලීලා
කොටලා තිබුණේ පච්චේ
මරුවා බුදුවේවා
ආතර පීතර යාළුවෝ දෙන්නා
පොඩ්ඩයි වෙනස නමේ
කෑමද බීමද ඇඳුම පැළඳුමද
එකටයි එකම ගමේ
මිරිස් ගල් කොටයි ආතර අයියා
පච්ච කොටනවා පීතර අයියා
දෙන්නම එකම ගමේ
ඔව් දෙන්නම එකම ගමේ
ආතර පීතර යාළුවෝ දෙන්නා
පොඩ්ඩයි වෙනස නමේ
කෑමද බීමද ඇඳුම පැළඳුමද
එකටයි එකම ගමේ
මිරිස් ගල් කොටයි ආතර අයියා
පච්ච කොටනවා පීතර අයියා
දෙන්නම එකම ගමේ
ඔව් දෙන්නම එකම ගමේ
දෙන්නම එකම ගමේ
ඔව් දෙන්නම එකම ගමේ
දෙන්නම එකම ගමේ
ඔව් දෙන්නම එකම ගමේ
දෙන්නම එකම ගමේ
ඔව් දෙන්නම එකම ගමේ
Поcмотреть все песни артиста
Other albums by the artist