සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවන විට මා සමඟින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ
රන් තරු වටකර පායන සඳ ඇඳි
සෙවණැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ...
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරියේ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ...
කුමරියේ ඔබ අද මා ළඟ නෑ...
සුදු ඇඳුම්න් සැරි...
ගංතෙර ළග බට පඳුරේ
සිරි සිරි හඩ මට සිහිළැල් පෑ...
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ...
පාසල් යන ඔබ මාවත සිහිවන
විට මට ඉවසුම් නෑ...
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ...
කුමරියේ ඔබ අද මා ලඟ නෑ...
සුදු ඇඳුම්න් සැරි...
Поcмотреть все песни артиста
Other albums by the artist