සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවන විට මා සමඟින්
ඉඟි කර අදි මදි කරමින්
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ
රන් තරු වටකර පායන සඳ ඇඳි සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන් වූ දෙනෙතින් ඔබ බැලු කල මගෙ සිත ඉවසුම් නෑ
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ
කුමරියෙ ඔබ අද මා ළඟ නෑ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවන විට මා සමඟින්
ඉඟි කර අදි මදි කරමින්
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ
ගං තෙර ළඟ බට පඳුරේ සිරි සිරි හඬ මට සිහිලැල් පෑ
කුලුඳුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසල් යන ඔබ මාවත සිහිවන විට මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමඟින් ඈ
කුමරියෙ ඔබ අද මා ළඟ නෑ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවන විට මා සමඟින්
ඉඟි කර අදි මදි කරමින්
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවන විට මා සමඟින්
ඉඟි කර අදි මදි කරමින්
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ
Поcмотреть все песни артиста
Other albums by the artist