Victor Ratnayake - Bindumathi lyrics
Artist:
Victor Ratnayake
album: Sihina Sathak
බින්දුමතී
බින්දුමතී
මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී
මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී
කළු උක්ගස විලසා කළු කළු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ
කළු උක්ගස විලසා කළු කළු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ
ගොම්මන් සමයටමා ගම හොල්මන් තියේ
නුඹ එක්කා මම එන්නා යමු නංගියේ
මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී
ළිඳ ළඟටා යන්ට එපා දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා කබරගොයා කයි
ළිඳ ළඟටා යන්ට එපා දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා කබරගොයා කයි
ගඟ ළඟටා යන්ට එපා අබිමානා එයි
පිට ගමටා යන්ට එපා මා මෙහි තනිවෙයි
මං ආදර පෙම් ආදර බින්දුමතී
පෙමා වඩන ලද බින්දුමතී
Поcмотреть все песни артиста
Other albums by the artist