Minesh Dissanayake - Chandrayan Pidu lyrics
Artist:
Minesh Dissanayake
album: Sinhala Essentials
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා
හිරු අග බැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවුයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ
අර්ථය ලැබුවේ
කඳුලැල් දිය දහරා
නෙතඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී
සිසිලෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ
චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැළඹීලා සැමදා ඔබගේ
කැළුමන් අතරේ
අප නෙත් ගැටෙනා මොහොතේ
ඔබ මා සතුවයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී
චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ
Поcмотреть все песни артиста
Other albums by the artist