Nadeeka Jayawardana - Nil Kandu Mitiyawatha lyrics
Artist:
Nadeeka Jayawardana
album: Sihinayak
නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ //
සොඳුරු බවින් යුත් අතීතයක්
මට නෑ හිමි වී ඇත්තේ
ඒ ගැන සිතමින් කෙලෙසද සොඳුරියේ
ඔබ වෙත මා ළං වන්නේ
නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ
සැනසුම් සුවයක සේයාවක්
ඉතිරිව නෑ ඔබ ඇසුරේ
සුපුරුදු තනිකම විතරද උරුමය
මට මේ මුළු දිවියේ
නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ
කොයිබද නැහැ මා දන්නේ ///
Поcмотреть все песни артиста
Other albums by the artist