එපා වුණත් නුඹ සියක් වතාවක්
හිත ඉල්ලනවලු දහස් වතාවක්
මේ ඇස් දැක්කට නුඹේ මුසාවක්
යටි හිතේ තියෙන්නේ තවත් කතාවක් //
මතක තියෙන අමතක නැති හිත ළඟින්
නවතින්නේ කොහොමදෝ කියන්
තේරෙන්නේ නැති සෙනෙහස අරන්
හිත වූවාදෝ අතුරුදහන් //
හිතට නුහුරු කළුවර හීනේ යටින්
කඳුළු ගලන නෙත් වලට හොරෙන්
උහුලන්නේ නැති මතකය අරන්
යළි ආවේ ඇයි අසුරු සැණින් //
එපා වුනත් නුඹ...
Artist/s: Nadini Premadasa
Поcмотреть все песни артиста
Other albums by the artist