මම ඉන්නම් දුරින්
ඔබ වෙතට
කිසිදාක ළං නොවී
වෙන්වන්නට කලින්
ඔබෙ දෙතොල
සිපගනීමි ආදරෙන්
ඇයි මේ තරමට ළං වුනේ
අපී ආදරෙන්
කිසිදා නොපැතූ
කඳුලැල් පමණයි නෙතේ
ඔබ හා බැඳුනා
මතකයි මට අද වගේ
සෝ සුසුම් උරුමයි
ජීවිතේ ගැඹුරුයි
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්
ඔබවේ දිවියේ
රැඳුනූ කුළුඳුල් කෙනා
තනිවේ අපගේ
ආලේ නටඹුන් කතා
මේ සුසුම් අපටයි
ආදරේ පුදුමයි
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්
මම ඉන්නම් දුරින්
ඔබ වෙතට
කිසිදාක ළං නොවී
වෙන්වන්නට කලින්
ඔබෙ දෙතොල
සිපගනීමි ආදරෙන්
ඇයි මේ තරමට ළං වුනේ
අපී ආදරෙන්
Поcмотреть все песни артиста
Other albums by the artist