Chamara Fernando - Widuru Mala lyrics
Artist:
Chamara Fernando
album: Widuru Mala
දවසක්දා මම ලස්සනම ලස්සන
වීදුරු මලක් දැක්කා
එදා පටන් ඒ මලට
ආදරය කෙරුවා
කලකට කලින් බොහෝ පරිස්සමට
මම එමල නෙළා ගත්තා
ආදරේ වැඩිකමට
ලස්සනම රටා ඇන්දා
ලස්සනම රටා ඇන්දා
♪
එමලේ නටුවේ තිබූ කටුවක
දිනක් මගෙ අත පැටළුණා
වේදනා වින්දා මං
කේන්තිය ඉහවහා ගිය තැන
මල අතට ගෙන පොඩි කරා
බිම දමා පෑගුවා
පෙති මත එමලේ මගේ හුස්ම රැන්දූ බවක්
ඒ නිමේශයේ හිතින් අමතක වුණා
බිඳුණු පෙති රුදු කැපුම් ඇති කළා
කලින් විදියට හුස්ම ගන්නට ආයෙමත්
මල අවැසි බව වැටහුණා
රතු පාට දෑතින්
ආයෙ ආයෙත් ඒ කැබලි
හෙමින් එක්කහු කළා
යළිත් එක්කහු කළා
♪
සියුම් විදියට එකින් එක ගෙන
ආයෙමත් ආයෙමත්
මලේ පෙති හැඩ කළා
කඩතොළු සහිත වීදුරු මලක්
හදාගන්නට හැකිවුණා
හදාගන්නට හැකිවුණා
ආදරෙන් මලේ පෙති පිරිමදින හැමවිටම
ආයේ ආයෙත් ඇඟිලි තුඩු රතු වුණා
සිදුරු වී ලේ ගලා ආවා
මලෙහි පෙති මත රැන්දවූ මගෙ හුස්ම නම්
සොයාගන්නට බැරි වුණා
කඩතොළු ගෙවී යනකං
රිදි රිදී හැමදාම
මලෙහි පෙති පිරිමැද්දා
මලෙහි පෙති පිරිමැද්දා
Поcмотреть все песни артиста
Other albums by the artist