Kishore Kumar Hits

Chamara Fernando - Pethi Gomara lyrics

Artist: Chamara Fernando

album: Pethi Gomara


පෙති ගෝමර පිපි ළමැදට
සැලෙන ලෙලෙන නාරි ගතට
නැමුණු සලෙළ පිරිමි හිතක
නෑ සැබෑ සෙනේ
හඳුන් සුවඳ ගල්වාගෙන
නුඹේ අතින් පිදූ පහන
නුඹම නිවා යන්න ගියේ
ඇයිද මා ළඳේ
ඇයිද මා ළඳේ

මා හදේ ගැබේ පුදසුන
ප්රේමයෙන් සුගන්ධිත කර
ඔබේ පෙම් කුසුම ඒ මත
පිබිදුවා එදා
සිනිඳු මුදු බඳින් පහලට
ගලා හැලුණු මකරන්දය
පිරුණු කුසුම අද වෙනතක
වල්මත්ව ගියා
වල්මත්ව ගියා

සුවෙන් හිස තැබූ මුදු ලය
පොට්ටු පිපුණු යහන් තලය
නොමැති පාලු සයනය මත
මතක පාරනා
නලවන්නට තාල නොදැන
කිරි කඳුළට හඬා වැටෙන
නුඹෙයි මගෙයි ලේ ධාතුව
සිඹිමි රෑ පුරා
සිඹිමි රෑ පුරා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists