Milton Mallawaarachchi - Piyapath Sala lyrics
Artist:
Milton Mallawaarachchi
album: Milton Pranama
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
මල්ගොමු පිස එන මඳනල අතර මඟක දී
මා එන මඟ වළකන්නට බලා උනි රැඳී
මල්ගොමු පිස එන මඳනල අතර මඟක දී
මා එන මඟ වළකන්නට බලා උනි රැඳි
දසත සැරිසරා සෙව්වෙමි ගුවන්තල අරා
නොදැක ඔබේ රුව, ශෝකය නැගෙයි හද පුරා
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
සෙවන ලදිමි තුරුගොමුවල එය නොවේ සුවේ
ගිමන නිවන මහද අරන තුරුළ ඔබ ප්රියේ
සෙවන ලදිමි තුරුගොමුවල එය නොවේ සුවේ
ගිමන නිවන මහද අරන තුරුළ ඔබ ප්රියේ
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරිසරා
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබේ හද තුළයි සොඳුරියේ
Поcмотреть все песни артиста
Other albums by the artist