Kalasoori Alhaj Mohideen Baig - Thanivai Upanne lyrics
Artist:
Kalasoori Alhaj Mohideen Baig
album: Thanivai Upanne
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ
දිළින්දා රජින්දා උපන් සේ නැසෙන්නේ
ඔවුන්ගේ නමයි මේ ලොවේහි රැඳෙන්නේ
ලොවේහි රැඳෙන්නේ
උසස්කම් පහත්කම් සොයාලා බැලීමෙන්
වැඩක් නෑ පලක් නෑ ඊර්ෂ්යා කිරීමෙන්
ඊර්ෂ්යා කිරීමෙන්
හෙට හෝ අනිද්දා සියල්ලන් වියෝවී
නවාතැන් පොලෙන් මේ පිටත්වන්න වේවී
පිටත්වන්න වේවී
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ
රාග, ද්වේශ, මෝහේ, මානේ වෙලීලා බැඳීලා
සාපයක්ම වාසේ වේවී පාපේ ගැලීලා
පාපේ ගැලීලා
මළ දා නිදන්නේ එකටයි කනත්තේ
කුල, මල, ජාතී භේදේ එදා නෑ නැගෙන්නේ
එදා නෑ නැගෙන්නේ
කුමටද කා බී නිති සැරසෙන්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ
අරගෙන යන්නේ
තනිවයි උපන්නේ
තනිවයි මැරෙන්නේ
මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ
කෝලම් නටන්නේ
Поcмотреть все песни артиста
Other albums by the artist