Vijaya Kumaratunga - Paata Sarungal lyrics
Artist:
Vijaya Kumaratunga
album: Paata Sarungal
පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ
ඈත ඉගිල්ලේ පාවෙයි ඔහේ ලෝකයේ
බඹරය වැල්ලේ කරකන්නම්
ලෝකය අල්ලේ නටවාලා
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැහැ මල්ලියේ
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත නංගියේ
ඒරොප්පේ ඉඳ නැව් නැගලා
දැන් අපි ආවේ ගොඩ බැහැලා
අපි ආයේ එයි කියලා
හිතුවාද උන්නැහේලා
වෙර ඇත්තේ මේ දෑතේ
හෝ පම්පොරි නවතාලා
අපි ඉඳිමු හිනැහීලා
රජ දූතයෝ වගේ
රජ දූතයෝ වෙන්නම්
ජය ගන්න සුදානම්
නෑ පැරදුණේ
පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ
ඈත ඉගිල්ලී පාවෙයි ඔහේ ලෝකයේ
ඒරොප්පේ ඉඳ නැව් නැගලා
දැන් අපි ආවේ ගොඩ බැහැලා
පණ කෙන්ද මහ පාරේ
මග දාලා නෑ යන්නේ
ඒ සෙල්ලම් බෑ මල්ලී
ඔව් ඔව් ඔව් වැලි ඩිංග මිට මොලවා
දිය ගන්න මං හපනා
බොරු නෑ රජෝ අපේ
රන් කූඩුවේ ආයේ
මට ඉන්න ඕනෑ නෑ
ඇහුණාද මේ
පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ
ඈත ඉගිල්ලී පාවෙයි ඔහේ ලෝකයේ
බඹරය වැල්ලේ කරකන්නම්
ලෝකය අල්ලේ නටවාලා
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැහැ මල්ලියේ
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත නංගියේ
ඒරොප්පේ ඉඳ නැව් නැගලා
දැන් අපි ආවේ ගොඩ බැහැලා
Поcмотреть все песни артиста
Other albums by the artist