Kishore Kumar Hits

Vijaya Kumaratunga - Upan Bimata lyrics

Artist: Vijaya Kumaratunga

album: Sinahawakin


උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා
ගස සිඳවා හිස සිඳවා ගන්න එපා
වැදූ මවයි මිහිකතයි සමයි සිතාපන්නේ
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ
ඉරේ සඳේ ගහකොළ් උදාර වූ මහකැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා
ගස සිඳවා හිස සිඳවා ගන්න එපා
අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ
මවක් ලෙසට කරුණා ගුණේ පතුරුවන්නේ
පොරෝ තලේ ට්රැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසින් සැලකූ ගසයි සිතාපන්නේ
උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා
ගස සිඳවා හිස සිඳවා ගන්න එපා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists