Kishore Kumar Hits

Vijaya Kumaratunga - Etha Indan lyrics

Artist: Vijaya Kumaratunga

album: Sinahawakin


ඈත ඉඳන් කණකොකා අඬනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට්පටියකින්
ගීහඬ පැතිරෙනවා
කිට්ටුවෙවී කණකොකා අඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම විතකින්
රහමෙර උතුරනවා
ලාලා ලාලා ලාලා ලාලා
ලාලා ලාලා ලාලා ලාලා
බැලූ බැලූ තැන උත්සවයක සිරි
විලාසිතාවන් ඇස පිනවනවා
තිරය පිටුපසින් නූල් ඇදෙද්දි
රූකඩ සෙල්ලම ජයට නටනවා
උස්සාපන් අත අපි උස්සනවා
ගහපන් කරණම් අපිත් ගහනවා
ඇඳිවත නොදැනීම ගිලිහි ගියදෙන්
ගහන පදේකට අපිත් නටනවා
ඈත ඉඳන් කණකොකා අඬනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට්පටියකින්
ගීහඬ පැතිරෙනවා
කිට්ටුවෙවී කණකොකා අඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම විතකින්
රහමෙර උතුරනවා
ලාලා ලාලා ලාලා ලාලා
ලාලා ලාලා ලාලා ලාලා
සින්දු ඇහෙනවා පිරිත් ඇහෙනවා
වෙලාවකට මේ දෙක පැටලෙනවා
බුද්ධාලම්භන ප්රීතිය උතුරා
සාදු කිය කියා අපිත් නටනවා
බෝමළුවේ බයිලා ලෙලදෙනවා
බාර් එකේ මුණිවදන් ඇහෙනවා
පුවත් නොදැන අපි බමන ගතින්
වග වලසුන් කොටි සමග නටනවා
ඈත ඉඳන් කණකොකා අඬනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට්පටියකින්
ගීහඬ පැතිරෙනවා
කිට්ටුවෙවී කණකොකා අඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම විතකින්
රහමෙර උතුරනවා
ලාලා ලාලා ලාලා ලාලා
ලාලා ලාලා ලාලා ලාලා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists