Kishore Kumar Hits

Vijaya Kumaratunga - Soldaduwo lyrics

Artist: Vijaya Kumaratunga

album: Vedana


සොල්දාදුවෝ සොල්දාදුවෝ
නුඹ අපවන් මිනිසෙකි සොල්දාදුවෝ
සිරුර පුරා දිවයන්නේ එක රතු ලේ
කිරි උරමින් වැඩුණේ එක කෙළිමඩළේ
පිටමං වී කිරි සුවඳින්
ලේ සුවඳම ඉව කරමින්
තරු ලකුණක් පළඳින්නද
සැරසෙන්නේ
කෙළිමඩළේ මිනිසත්කම්
දියකර නෙක නොපනත්කම්
නිලදරුවන්ගෙන්දෝ නුඹ
දැනගත්තේ
සොල්දාදුවෝ සොල්දාදුවෝ
නුඹ අපවන් මිනිසෙකි සොල්දාදුවෝ
සිරුර පුරා දිවයන්නේ එක රතු ලේ
කිරි උරමින් වැඩුණේ එක කෙළිමඩළේ
සිය සොයුරන් සොහොයුරියන්
සිහි නොමවෙද සුතනඹුවන්
යුක්තිය වෙත කෙලෙසද අවි ඔසවන්නේ
අයුක්තියේ අධම අණින් එසවූ අවි බිමට හෙලන්
එක තරුවට තරු දාහක් පායන්නේ
සොල්දාදුවෝ සොල්දාදුවෝ
නුඹ අපවන් මිනිසෙකි සොල්දාදුවෝ
සිරුර පුරා දිවයන්නේ එක රතු ලේ
කිරි උරමින් වැඩුණේ එක කෙළිමඩළේ
සොල්දාදුවෝ සොල්දාදුවෝ
සොල්දාදුවෝ සොල්දාදුවෝ
සොල්දාදුවෝ සොල්දාදුවෝ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists