Kishore Kumar Hits

Vijaya Kumaratunga - Upan Bimata Pitu Pa lyrics

Artist: Vijaya Kumaratunga

album: Vedana


උපන්බිමට පිටුපා
කෞතුක මන්දිරයක මිදුලට බැස
මහසමුදුර වෙත දෑස යොමාගෙන
සිටිනා වීරයිනේ
නුඹය මෙදා අප විඳිනා ගැහැටට
වගඋත්තරකරුවෝ
වෘෂභ සිරස මත සුපිහිටි අබරණ
පළඳා අපගේ මීමුත්තන් හිස
වියගහ රඳවා දිළිඳු දුබල ගෙල
යහතින් වැජඹුණ කාලය මතකද වීරයිනේ
උපන්බිමට පිටුපා
කෞතුක මන්දිරයක මිදුලට බැස
මහසමුදුර වෙත දෑස යොමාගෙන
සිටිනා වීරයිනේ
නුඹය මෙදා අප විඳිනා ගැහැටට
වගඋත්තරකරුවෝ
දෙස බස රැස ගැන මතුරා මන්තර
ඉන්ද්රජාලයෙන් රවටා ජනකැල
ලක්මව ඇස් ඉස් මස් ලේ විකුණා
සිහසුන රැකගත් කාලය මතකද වීරයිනේ
උපන්බිමට පිටුපා
කෞතුක මන්දිරයක මිදුලට බැස
මහසමුදුර වෙත දෑස යොමාගෙන
සිටිනා වීරයිනේ
නුඹය මෙදා අප විඳිනා ගැහැටට
වගඋත්තරකරුවෝ
නුඹය මෙදා අප විඳිනා ගැහැටට
වගඋත්තරකරුවෝ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists