Chamika sirimanna - Iri Thala Wati Athi lyrics
Artist:
Chamika sirimanna
album: Best of Chamika Sirimanna
ඉරිතලා වැටී ඇති අපගේ ආදර
බැම්මේ කතන්දරේ
හිත සෝදාපාළු කර ඔබ මා හැර
යන ඒ කතන්දරේ
ඇයි මෙච්චර කලකට කීවේ නැත්තේ
ඔබගේ කතන්දරේ
අප දෙදෙනාටම ඔබ එකවර ආදරේ
කළ පෙම් කතන්දරේ
ඔයා මගෙයි මම ඔයාගෙ කියමින්
සිප ගත්තේ මා ඔයයි
ඒ කී මුවින්ම ඔහු සිප සනසා
තුරුලට ගත්තෙත් ඔයයි
සංසාරෙම අපි එකටම යන්නට
පොරොන්දු දුන්නෙත් ඔයයි
මා හිත රවටා ඔහු අත ගන්නට
තීරණ ගත්තෙත් ඔයයි
ඔය තීරණ ගත්තෙත් ඔයයි
ඔයා නැතුව මම ඉන්නේ කොහොමද
අනේ මන්දා හිත බයයි
හිතන්න හිතුවත් හිතාගන්න බෑ
මොනවා වුණේ හිත හිතයි
අපි ආගිය තැන් නැවතත් දැක්කම
මට මං ගැන හරි දුකයි
ඔහුගේ අතගෙන කොච්චර කල් ඔබ
හිඳීද මට හරි සැකයි
ඔබ ඉඳීද මට හරි සැකයි
ඉරිතලා වැටී ඇති අපගේ ආදර
බැම්මේ කතන්දරේ
හිත සෝදාපාළු කර ඔබ මා හැර
යන ඒ කතන්දරේ
ඇයි මෙච්චර කලකට කීවේ නැත්තේ
ඔබගේ කතන්දරේ
අප දෙදෙනාටම ඔබ එකවර ආදරේ
කළ පෙම් කතන්දරේ
Поcмотреть все песни артиста
Other albums by the artist