Bachi Susan - Narthanaviye (Anuragini Dase) lyrics
Artist:
Bachi Susan
album: Narthanaviye (Anuragini Dase) - Single
අනුරාගිනි දෑසේ
නැලවී හොර රහසේ
ඔය නා දළු පහසේ
කිමිදෙමි මං බෝ සේ
අඳුරේ සීතල නෑ ඉතින් දැනුනේ
තුරුලේ සියොලඟ ගිනිගෙනයි දැවුණේ
කළුවරේ තොල්පෙති දිගේ
මුදු සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ
හිතුමතේ තොල් පෙති උරා
මත්වී ගියා සෙනේ
හාදු දෙන්න නර්ථනාවියේ
♪
සුදු සේලය හුළඟේ
ගිලිහී බිම වැටුණේ
උණුහුම ලද යහනේ
හැඟුමන් හති වැටුනේ
අඳුරේ සීතල නෑ ඉතින් දැනුනේ
තුරුලේ සියොලඟ ගිනිගෙනයි දැවුණේ
කළුවරේ තොල්පෙති දිගේ
මුදු සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ
හිතුමතේ තොල් පෙති උරා
මත්වී ගියා සෙනේ
හාදු දෙන්න නර්ථනාවියේ
♪
දෙසවන පුරා
කොඳුරන කතා
මට පවසන දේ තේරුණා
ඇස්පිය වසා (ඇස්පිය වසා)
කම්මුල් පුරා
දඟකාරකම් විසිරුනා
කළුවරේ තොල්පෙති දිගේ
මුදු සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ
හිතුමතේ තොල් පෙති උරා
මත්වී ගියා සෙනේ
හාදු දෙන්න නර්ථනාවියේ
Поcмотреть все песни артиста
Other albums by the artist