Kishore Kumar Hits

Rahal Alwis - Mata Mamath Nathi lyrics

Artist: Rahal Alwis

album: Mata Mamath Nathi


මට මමත් නැතී අද ඔබත් නැතී මේ ජීවිතේ ආදරේ නැතී
පෙර වාගෙ ආයේ හමුවේද නෑනේ
මං ගාව නෑ ආදරේ මං ගාව නෑ ආදරේ
ඇස් අතරේ හැංගී හිත දුර ගියා
පැතු සිහින බොඳවී කඳුලක් වුණා
ළඟ හිටිය කාලේ මතකේ තියා මං ඉන්නෙ තාමත් බලා
කඳුලැල්ලක මා වෙලිලා ඔබ ඇත ඔහු ළඟ බැඳිලා
හීතලට ගුලිවී උණුහුම සොයා
සිත යන්නේ තාමත් ඔබවම සොයා
ඒ මතක හැමදා පපුවේ තියා
සැනසෙන්න පුළුවන්ද මේ හිත දවා
කඳුලැල්ලක මා වෙලිලා ඔබ ඇත ඔහු ළඟ බැඳිලා
මට මමත් නැතී අද ඔබත් නැතී මේ ජීවිතේ ආදරේ නැතී
පෙර වාගෙ ආයේ හමුවේද නෑනේ
මං ගාව නෑ ආදරේ මං ගාව නෑ ආදරේ

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists