Viraj Perera - Saaritha - Viraj Perera lyrics
Artist:
Viraj Perera
album: Saaritha - Viraj Perera
මගෙ ආදරේම අපරාදේ
අපතේ ගියාද මේ කාලේ
හිත පාරවා දමා මාගේ
ඔබ ගියා සාරිතා
මුළු ජීවිතේම අද මාගේ
එක තැනක නතරවී වාගේ
අද නෑ සිනා එදා වාගේ
කෝ ඔයා සාරිතා
ආදරේ ගිනි පුපුරූ
ලබන විට ඔබ නෑලූ
තනිවෙලා හිත පාලූ
ඇයි වුනේ අපි යාලූ
හිටපු හැටි අමතකලූ
දුන්නු සිත ගත්තාලූ
වේදනා විතරයිලූ
අන්තිමේදී ඉතුරූ
කියාගන්න බැරි සිදුවීමක්
පාරවාවි හැම ජීවිතයක්
මගේ කතාවත් දැන් නැවතිලා
නිමා වෙන්නෙ නෑ දිග සුසුමක්
දුකම දේවි සංසාරයමත්
පිහිට වෙන්න දෙවියන් නැති නිසා
ඔබ වෙනු වෙන් මා කරනා
පිං වල අනුහස් ලැබිලා
මට ලංවීල ඉපදේවා
ඇසුනාද සාරිතා
ආදරේ ගිනි පුපුරූ
ලබන විට ඔබ නෑලූ
තනිවෙලා හිත පාලූ
ඇයි වුනේ අපි යාලූ
හිටපු හැටි අමතකලූ
දුන්නු සිත ගත්තාලූ
වේදනා විතරයිලූ
අන්තිමේදී ඉතුරූ
ලබා ගන්න බැරි ආදරයක්
මේ භවේදි යලි කිසිදාවත්
නමුත් මතක් වෙනවා රිදවලා
සොයා යන්න ලගපාතකවත්
නෙමෙයි ගියේ දුර ගවු ගානක්
රැයේ එන්න සිහිනෙන් හිනහිලා
ඔබ වෙනු වෙන් මා කරනා
පිං වල අනුහස් ලැබිලා
මට ලංවීල ඉපදේවා
ඇසුනාද සාරිතා
මගෙ ආදරේම අපරාදේ
අපතේ ගියාද මේ කාලේ
හිත පාරවා දමා මාගේ
ඔබ ගියා සාරිතා
මුළු ජීවිතේම අද මාගේ
එක තැනක නතරවී වාගේ
අද නෑ සිනා එදා වාගේ
කෝ ඔයා සාරිතා
හිටපු හැටි අමතකලූ
දුන්නු සිත ගත්තාලූ
වේදනා විතරයිලූ
අන්තිමේදී ඉතුරූ
Поcмотреть все песни артиста
Other albums by the artist