Surendra Perera - Lan lanwa lyrics
Artist:
Surendra Perera
album: Wahi pabalu
ලං ලංව හිටියාට සෙවනැල්ල සේ
වෙන් වෙන්ව ගිය දාට නාදුනන සේ
පින්වන්ත යැයි සිතුව මට මා කෙරේ
දුක හිතුන මා ගැනම මට ඒ දිනේ
දුක හිතුන මා ගැනම මට ඒ දිනේ
නෙත් කෙවෙණි කකියාන කදුලින් පිරේ
ඒ කදුලු රැක ගනිමි තුන්තිස් පැයේ
මග තොටක හමුවේද කියමින් සිතේ
හිත් කොනක ඔබ ගැනම මතකෙන් පිරේ
ලං ලංව හිටියාට සෙවනැල්ල සේ
වෙන් වෙන්ව ගිය දාට නාදුනන සේ
පින්වන්ත යැයි සිතුව මට මා කෙරේ
දුක හිතුන මා ගැනම මට ඒ දිනේ
දුක හිතුන මා ගැනම මට ඒ දිනේ
නෙත් නොහැර හිටියාම සන්සුන් රැයේ
මට පුරුදු ඔය සුවද තවමත් දැනේ
මගෙ ලගට ඔබ පැමිණ ඇති යැයි සිතේ
නෙත් හරිමි ඔබ නොමැත කදුලක් නැගේ
ලං ලංව හිටියාට සෙවනැල්ල සේ
වෙන් වෙන්ව ගිය දාට නාදුනන සේ
පින්වන්ත යැයි සිතුව මට මා කෙරේ
දුක හිතුන මා ගැනම මට ඒ දිනේ
දුක හිතුන මා ගැනම මට ඒ දිනේ
Поcмотреть все песни артиста
Other albums by the artist