Tehan Perera - Shrungari lyrics
Artist:
Tehan Perera
album: Shrungari
කිඳුරන් සැලුවා මා
සැනෙකින් දවනා සේයා
සිත් බිදිනා කාරණා
එකින් එක අහසට විසි කරන්
මා වෙත නෙත් යොමන්
ක්ෂිතිජය දිගේ
දෙව්ලිය යළි වඩින්
ශුංගාරී සිතේ
පතුලට පය තබා
කාලයේ අවකාශයෙන්
මා මුදවනා
දැවෙනා කතරේ
සිත් නිරුදක තල පවා
නිවමින් එනතුරා
පෙර යහනේම මා තනිවෙලා
පියඹා යනවා මා
සිහිනෙන් තරු වැල් හරහා
මට දැණුනා ඒ ලෙසේ
දෙව් දූ නුඹ මා සිත් පුබුදනා
අදුරේ ගිය ජීවතේ
අරුත ලියනා
කිවිදිය සොයමි මා
ශුංගාරී සිතේ
පතුලට පය තබා
කාලයේ අවකාශයෙන්
මා මුදවනා
දැවෙනා කතරේ
සිත් නිරුදක තල පවා
නිවමින් එනතුරා
පෙර යහනේම මා තනිවෙලා
ශුංගාරී සිතේ
පතුලට පය තබා
කාලයේ අවකාශයෙන්
මා මුදවනා
දැවෙනා කතරේ
සිත් නිරුදක තල පවා
නිවමින් එනතුරා
පෙර යහනේම මා තනිවෙලා
Поcмотреть все песни артиста
Other albums by the artist