හද මන්දිරේ ඇඳි සිතුවමේ හැඩකාර මා අගබිසව රාජධානියේ
මතකය අපේ ප්ර්මාදරේ නටඹුන් වෙලා වැළලී ගියා අතීතයේ
සිතකින් නොවේ හඬවා වෙන්වී ගියේ
යදිමි සමා දණින් වැටී පාමුලේ
පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී
සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී
මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි
කළ පව් ථල දී අද මා තැවෙමි
කළ පව් පලදී අද මා...
කඳුළැල් නෙතේ නුඹයි පිසළුවේ
සල්ලාල බේබදුකම් වලින් තුති මා කළේ
අවලම් මගේ මිතුරන් වටේ කළ චෝදනා හංගං හිතේ කෝම ඉවසුවේ
නෑ වැටහුනේ මෝඩකම් මට මාගේ උඩඟුවේ
බිසව වී අද ඔබ වෙන කෙනෙකුගෙ මාලිගේ
පවනේ දැවටී සුළඟේ හොරැහින් සැඟවී
සුව දුන් ආදරයේ මතකය මා රිදවා වී
මතුදා සසරේ හමුවෙයිද බලා හිඳිමි
කළ පව් ථල දී අද මා තැවෙමි
කළ පව් ථල දී අද මා තැවෙමි...
කළ පව් ථල දී අද මා තැවෙමි...
Поcмотреть все песни артиста
Other albums by the artist