(සංගීතය)...
ගං ඉවුර අසබඩින්
සරා සඳ කැළුම් යටින්
ඒ සිහින මාවතෙන්
ගලායන පැතුම් මතින්
ඇවිද ගියා මතක ද
තරු එළියෙන්වත් පාර හොයාගෙන?
ඒ මතකය විතරක්
මා ළඟ තියන්න...
(සංගීතය)
කඳු වළල්ලෙන් මෙහා
අපි මැව් හීන කොදෙව්වේ
මං තනිවෙලා...
ගැයූ විහඟුන් පවා
ගොළුවෙලා...
ගං ඉවුර අසබඩින්
සරා සඳ කැළුම් යටින්
ඒ සිහින මාවතෙන්
ගලායන පැතුම් මතින්
ඇවිද ගියා මතක ද
තරු එළියෙන්වත් පාර හොයාගෙන?
ඒ මතකය විතරක්
මා ළඟ තියන්න...
(සංගීතය)
නිල් සාගරය පුරා
හැපී බිඳෙන තරංගේ
කඳුළු මුසු වෙලා...
කියූ හුරතල් කතා
නෑසිලා...
ගං ඉවුර අසබඩින්
සරා සඳ කැළුම් යටින්
ඒ සිහින මාවතෙන්
ගලායන පැතුම් මතින්
ඇවිද ගියා මතක ද
තරු එළියෙන්වත් පාර හොයාගෙන?
ඒ මතකය විතරක්
මා ළඟ තියන්න...
(...)
Поcмотреть все песни артиста
Other albums by the artist