Kishore Kumar Hits

OOSeven - Paradisa Dupatha lyrics

Artist: OOSeven

album: Paradisa Dupatha


යා, මේක විස මලකින් හටගත් පරාගනයක්
දිය නොවෙනස් උන භාජනයක්
යා, කිව්වා සුබ අනාගතයක්
වෙන්න කලින් දැක්කා මං සමූල ඝාතනයක්
පැල කලා පිළිල හැම තැනකම රටේ
දැන් තාවකාලික පැලැස්තර ගහලා ගැටේ
දත් හැලුනා සිංහයගේ කටේ
දාලා යන්න ලෝබ කමේ
තව කාපන් මුතු ඇටේ
කරුම ගෙවනවා හිරවෙලා දූපතක
ඉපදුනේ නැති උනුත් ණයයි මේ දූපතට
දායාද කලේ උන් අන්ධකාරේ දූපතට
සාදරෙන් පිලිගන්නවා පාරදීස දූපතට (ආයුබෝවන්)
තිස් වසරක යුද්ධයකින් බැට කෑ
නිතරම ඉතිහාසේ වංශේ කබල් ගෑ
ආගම් වාද ජාතිවාද මැද්දේ කුලල් කෑ
දැන් උන් වෙන දූපතක් හොයන් හබල් ගෑ
එකෙක් පිටින් එකෙක් ආවා දියවන්නා
කල දුටු කල වල ඉහගන්නා
යා, අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසො දාමු පන්නා
එකෙක් පිටින් එකෙක් ආවා දියවන්නා
කල දුටු කල වල ඉහගන්නා
යා, අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසො දාමු පන්නා
කිරි නැති තන පුඩු කතා කලා ඇස් රතු
බඩගිනි වෙලා පාරදිගෙ වෙලා දරදඬු
කරගෙන හිත අරගල කලා කතුන්
හිටන් ඉද්දි රිදෙයි පතුල්
එලවන්න ගෙරි සත්තු
ප්රාණගාත බේරෙයි කෙල තාම
රස මිනිමස් වල තාම දන්නෑ කවුරුත්
අතීතේ උන දේවල් ගැන
ගාව ගන් නෑ ලේ
අත් වල කුණු අවුස්සගන් නෑ කවුරුත් පරන තුවාල පාරගන් නෑ
කුවේණිය බඩ වුනා
පිටින් ආපු එකෙක් රජ වුනා
උන් අපෙන් කාලා තර වුනා
අපේ සල්ලි අභ්යාවකාශ ගත වුනා
මල පරවුනා
අපේ උන්ට හික උනා
දැන් බෑ කකියන ලේ පරද්දන්න
තටු කපලා බැලුවා මේක නවත්තන්න
කාලේ මදි කරපු පව් ගෙවාගන්න
අපායේ දොර ළඟ සාමදානේ සැතපෙන්න
එකෙක් පිටින් එකෙක් ආවා දියවන්නා
කල දුටු කල වල ඉහගන්නා
යා, අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසො දාමු පන්නා
එකෙක් පිටින් එකෙක් ආවා දියවන්නා
කල දුටු කල වල ඉහගන්නා
යා, අපේ හීන ගිල ගන්නා
පාරාදීස දූපතේ රකුසො දාමු පන්නා

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists