Priya Sooriyasena - Ekama Weediye lyrics
Artist:
Priya Sooriyasena
album: Priya Gee Vissa
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී
♪
සුදු හසඟන සේ හසරැලි ඉහලා
සඳ පායන සේ හද ගිනි නිවලා
ඔබ මා සුරතේ දසැඟිලි පටලා
දොඩමලු වීලා මට ඉඟි කරලා
♪
හැන්දෑ යාමේ මා අතහැරලා
යන්නී ඔබ ඔබෙ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එලලා
මම යමි මගේ හිත ඔබ ලඟ තියලා
♪
තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා සිත ඔබ ලඟ නොවෙද තියෙන්නේ
ඔබට හිතෙන දේ හිතට කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්නේ
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී
Поcмотреть все песни артиста
Other albums by the artist