Chandralekha Perera - Tharu Eliyada Hirihara Karai lyrics
Artist:
Chandralekha Perera
album: Best of Rookantha & Chandralekha
තරු එළියද හිරිහැර කරයි
නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
මඳ සුළඟද කලබල කරයි
මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
තරු එළියද හිරිහැර කරයි
නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
මඳ සුළඟද කලබල කරයි
මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
♪
රෑ තුන් යම නිදි නොලබා
වදනින් වදනට ගලපා
ඔබට ලියාගෙන ආ සංදේශය
කෙසේද මුමුණන්නේ
නිදි නැති කොවුලකු කෑගසයි
තරු එළියද හිරිහැර කරයි
නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
මඳ සුළඟද කලබල කරයි
මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
♪
දහසක් ඇස් කන් රවටා
දහසක් දෙනගෙන් සඟවා
රහසේ රචනා කළ සංදේශය
කෙසේද මුමුණන්නේ
පිනි කැට හඬ දී බිම වැටෙයි
තරු එළියද හිරිහැර කරයි
නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
මඳ සුළඟද කලබල කරයි
මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
තරු එළියද හිරිහැර කරයි
නිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
මඳ සුළඟද කලබල කරයි
මල් කිතිකවමින් දිය රළ බිඳිමින්
Поcмотреть все песни артиста
Other albums by the artist