Chandralekha Perera - Sandu Ha Me Raththree Yame lyrics
Artist:
Chandralekha Perera
album: Sihina Asapuwe
සඳු හා මේ රාත්රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
සඳු හා තරු මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
පෙනුනා දෝ යලී
සඳු හා මේ රාත්රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
♪
සඳකැන් පෙරා දුන් නිශායාමයේ
සිතුවම් ගෙනාවේ අපේ ආදරේ
පිපි මල් වසන්තේ විහඟුන් ගෙනෙන්නේ
සැලෙනා පවන් රැල්ලෙ සෙනෙහේ කතා
සඳු හා මේ රාත්රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
සඳු හා තරු මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
පෙනුනාදෝ යලී
සඳු හා මේ රාත්රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
♪
මතකේ රැඳේවී ඇගේ මල් හිනා
පායාවි දෑසේ රුවන් තාරකා
විසිරී ගියාදෝ නොපැතූ විලාසේ
සැමදා හදේහී ඔබේ ආදරේ
සඳු හා මේ රාත්රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
සඳු හා තරු මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
පෙනුනාදෝ යලී
සඳු හා මේ රාත්රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
Поcмотреть все песни артиста
Other albums by the artist