Chandralekha Perera - Malak Thaniwa lyrics
Artist:
Chandralekha Perera
album: Oba Pe Pem Sina
මලක් තනිව පිපිලා බමරුන් අහක බලා
යන්නේ ඇයිදෝ වටහාගනු බෑ
පැනයක් ඉතිරි වෙලා
මලක් තනිව පිපුණා හැඩවැඩ මදි හන්දා
කල්යල් බලමින් බිඟුට පුදන්නට
බලා හිඳිමි අද මා
ආ ආ ආ
මලක් තනිව පිපිලා
රුවට පිපුණු මල් පමණද රොන්රස
පුදදෙන්නට රිසිසේ සපිරි
රොන් කෙමි ඇතිමුත් රුවට මුලාවී
සිටින ලොවක අප සුපිපෙන්නේ
මලක් තනිව පිපිලා බමරුන් අහක බලා
යන්නේ ඇයිදෝ වටහාගනු බෑ
පැනයක් ඉතිරි වෙලා
මලක් තනිව පිපුණා
විකසිත කුසුමක සුවඳ දැනුනු දා
කොයි බමරුද හැරදා යන්නේ
ඇයිද මලේ ඔබ ලොවට මුලාවී
රොන් අරගන්නට මා කැමති
මලක් තනිව පිපිලා බමරුන් අහක බලා
යන්නේ ඇයිදෝ වටහාගනු බෑ
පැනයක් ඉතිරි වෙලා
මලක් තනිව පිපුණා හැඩවැඩ මදි හන්දා
කල්යල් බලමින් බිඟුට පුදන්නට
බලා හිඳිමි අද මා
ආ ආ ආ
මලක් තනිව පිපිලා
මලක් තනිව පිපුණා
මලක් තනිව පිපිලා
මලක් තනිව පිපුණා
මලක් තනිව පිපිලා
මලක් තනිව පිපුණා
Поcмотреть все песни артиста
Other albums by the artist