පූජාසනේ අද අඳුරුයි
ඔබ නැති ලොව මට අද පාළුයි
රෑ තුන් යාමේ නිදිවරන පැයේ
මා හද පිපි මල් පරවේ
පූජාසනේ අද අඳුරුයි
ඔබ නැති ලොව මට අද පාළුයි
රෑ තුන් යාමේ නිදිවරන පැයේ
මා හද පිපි මල් පරවේ
♪
සඳ ඝන කළුවෙන් මිලින වෙලා
ඔබ මා හමුවේ එරෙහි වෙලා
කිසිදා නොසිතූ මොහොතක මෙලෙසින්
ඔබ මට ශාප කළා
පූජාසනේ අද අඳුරුයි
ඔබ නැති ලොව මට අද පාළුයි
රෑ තුන් යාමේ නිදිවරන පැයේ
මා හද පිපි මල් පරවේ
♪
ඔබ නිවැරැද්දේ සැක හිතලා
විහිළුවකැයි මා සිනා සලා
එනමුදු සොඳුරියේ පව් කළාද මා
සිතන්න යළි බැරිදෝ
පූජාසනේ අද අඳුරුයි
ඔබ නැති ලොව මට අද පාළුයි
රෑ තුන් යාමේ නිදිවරන පැයේ
මා හද පිපි මල් පරවේ
පූජාසනේ අද අඳුරුයි
ඔබ නැති ලොව මට අද පාළුයි
රෑ තුන් යාමේ නිදිවරන පැයේ
මා හද පිපි මල් පරවේ
පූජාසනේ අද අඳුරුයි
Поcмотреть все песни артиста
Other albums by the artist