Chandralekha Perera - Pini Wetenaa lyrics
Artist:
Chandralekha Perera
album: Mahada Premadare
පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා...
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ...
නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ...
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ...
පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා...
එකම ඉසව්වක රැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිව ළතැවේ...
සිත රැඳි සිතුමන් පොදි බැඳගෙන ඇත
ඔබට කියන්නට පුිය ළඳුනේ...
නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ...
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ...
පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා...
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ...
අපේ ලොවක තනි වෙන්නට පැතුමන්
කොතරම් පිරුවත් වරම් නැතේ...
බාධක හමුවේ නොසැලී ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ...
නිල්වන් දෑසින් මා මත් කරනා
සුන්දර අරුණැල්ලේ...
රන්වන් සමනල තටු සලමින් යන
ඔබ වෙත මා එන්නේ...
පිණි වැටෙනා මල් යායේ
පාවී යයි සුනිල් වලා...
බොඳ මීදුම් කඳු අතරේ
ඔබව සොයා මා එන්නේ...
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
Поcмотреть все песни артиста
Other albums by the artist