Chandralekha Perera - Koheda Sita lyrics
Artist:
Chandralekha Perera
album: Mage Adare
කොහේද සිට ඇවිදින්
හිටි අඩියෙම
සොරා ගත්තා ඔබ මගේ
සමනළ හිත
ඒ කළ වින්නැහියට
දඬුවම ලෙස
රඳවා ගමි සදහට
මගේ තනියට
ආදරය නම් නුපුරුදු හැඟුමක්
සිත තුළ තවරා
පලා යන්නට දෙන්නේ නෑ
ඔබ හට කිසිදා
සෙනෙහසේ දැල දමා ඔබ වෙත
රඳවා ගමි මං
මගේ තනියට
කොහේද සිට ඇවිදින්
හිටි අඩියෙම...
♪
යෞවනය නම් සුන්දර අරණේ
පැතුමන් පුබුදා
සොයා යන්නට දෙන්නේ නෑ
වෙන මල් කිසි දා
ප්රේමයේ දැල දමා ඔබ වෙත
රඳවා ගමි මං
මගේ තනියට
කොහේද සිට ඇවිදින්
හිටි අඩියෙම
සොරා ගත්තා ඔබ මගේ
සමනළ හිත
ඒ කළ වින්නැහියට
දඬුවම ලෙස
රඳවා ගමි සදහට
මගේ තනියට
(කොහේද සිට ඇවිදින්) ආ...
(කොහෙද සිට ඇවිදින්) ආ...
(කොහේද සිට ඇවිදින්) ආ...
එදා...
ඒ කළ වින්නැහියට
දඬුවම ලෙස
රඳවා ගමි සදහට
මගේ තනියට
ඒ කළ වින්නැහියට
දඬුවම ලෙස
රඳවා ගමි සදහට
මගේ තනියට
රඳවා ගමි සදහට
මගේ
තනියට
Поcмотреть все песни артиста
Other albums by the artist