Kishore Kumar Hits

Chandralekha Perera - Mathak Vee Oba lyrics

Artist: Chandralekha Perera

album: Mage Adare


මතක් වී ඔබ ලියන්න හිතුණා
සිතක එතෙනා ගෙතෙනා ගැදි පැදි
මතක් වී ඔබ ලියන අතරතුර දී
දෙනෙත තෙත් වී කඳුළක් වැටුණා
ලිපිය මතට වැරදී
ලියන නිසඳැස්, සඳැස් මත්තට
ඔබ වෙනුවෙන් පබැඳී

ලමැද පලා එන හැඟුම් අතර කිමිදී
පෙළ ගැස්සූයෙමි හදේ ගැස්ම මගේ
ඔබේ හදට සබැඳි
ඒ රස කවිකම අතර, අතරමං වී
ඔබ ලඟ නැති දුක, ලියන අතරමගදී
කඳුළක් වැටුණා නෙතු ඉවුරෙන් පෙරලී

අඳුරක් වැටුණා ලියන අතරතුරදී
හිරු මරු දකිනා අරුමය සොයනා
සියොතුන් හා සබැඳි
මේ තනිකම ගැන උනන හැඬෙන සුලෝ ගී
ඔබ කියවන විට හමුවේවී මගදී
වැටුණු කඳුළු තිත හිතට ගන්න නොසැලී
මතක් වී ඔබ ලියන්න හිතුණා
සිතක එතෙනා, ගෙතෙනා ගැදි පැදි
මතක් වී ඔබ, ලියන අතරතුර දී
දෙනෙත තෙත් වී කඳුළක් වැටුණා
ලිපිය මතට වැරදී
ලියන නිසඳැස්, සඳැස් මත්තට
ඔබ වෙනුවෙන් පබැඳී

Поcмотреть все песни артиста

Other albums by the artist

Similar artists