Chandralekha Perera - Pura Handak lyrics
Artist:
Chandralekha Perera
album: Mage Adare
පුරා හඳක් වන් පැහැබර වතක් අහිමිකොට
නුරා නෙතින් හෙලන බැලුම් අහිමියි මේ මට
අරාජික වූ අති පිවිතුරු හිතක් තියෙයි මට
ඉරා දමන්නේ කවුරුද තනිකම අද හෙට?
පුරා හඳක් වන් පැහැබර වතක් අහිමිකොට
නුරා නෙතින් හෙලන බැලුම් අහිමියි මේ මට
අරාජික වූ අති පිවිතුරු හිතක් තියෙයි මට
ඉරා දමන්නේ කවුරුද තනිකම අද හෙට?
♪
කෝල හිතක් තිබුනත් නිදිකුම්බා මල සේම
ආල හැඟුම් විහඟුන් වී හද තුළ රහසේම
ලෝල හදක උරුමය ලැබ ගන්නද මම කෝම?
මාල හතක් පළඳින්නට පින් මදිවද තාම?
පුරා හඳක් වන් පැහැබර වතක් අහිමිකොට
නුරා නෙතින් හෙලන බැලුම් අහිමියි මේ මට
අරාජික වූ අති පිවිතුරු හිතක් තියෙයි මට
ඉරා දමන්නේ කවුරුද තනිකම අද හෙට?
♪
දල තිබුනට හැම ඇතෙකුට ගජමුතු හිමි නෑලු
මල රුව නැති වුව බඹරුන් මගේ රුවට ඒලු
කල හොඳ වූ කල බඹරේ වැල්ලෙත් කැරකේලු
පලඳන්නේ රන් මුදුවක් කවුරුද මට යාලු?
පුරා හඳක් වන් පැහැබර වතක් අහිමිකොට
නුරා නෙතින් හෙලන බැලුම් අහිමියි මේ මට
අරාජික වූ අති පිවිතුරු හිතක් තියෙයි මට
ඉරා දමන්නේ කවුරුද තනිකම අද හෙට?
අරාජික වූ අති පිවිතුරු හිතක් තියෙයි මට
ඉරා දමන්නේ කවුරුද තනිකම අද හෙට?
Поcмотреть все песни артиста
Other albums by the artist