හිම සීත පොකුණේ
තරු ඇස් ඇහින්දා
මතකයිද මන්දා එදා
තැන තැන යන
සිත ළඟ නුඹ
ලංවී වෙන්වී දුක් දී සුව සදනා
ලොව කොතනක
ඔබ සිටිය ද
තටු නැතුවට පෙම් සිත ඉගිලී යනවා
ඉකි බිඳ බිඳ මා සිහි කර
කොතැනද ඔබ ඉන්නේ
සොඳුරුම රැය ලඟ ඉන්නට
කවදද ඔබ එන්නේ
♪
මහ මුහුඳේ රළ පෙළ වාගේ
වෙන් වෙන් වී ලං ලං වේ
කොහොමද සිත දෙන්නේ
රෑ අහසේ පුර පස සඳ සේ
ළඟම හිඳී දුර නොඇදී
කොහොමද ලං වෙන්නේ
තැන තැන යන
සිත ළඟ නුඹ
ලංවී වෙන්වී දුක් දී සුව සදනා
ලොව කොතනක
මා සිටිය ද
තටු නැතුවට පෙම් සිත ඉගිලී යනවා
ඉකි බිඳ බිඳ මා සිහි කර
කොතැනද ඔබ ඉන්නේ
සොඳුරුම රැය ලඟ ඉන්නට
කවදද ඔබ එන්නේ
♪
දුක රන්දා මා සිත හින්දා
ඔබ කලනී රුව ගුණ ගිහිණී
මගේ රන් කඳ කැන්දා
බඹරින්දා මුවරද වින්දා
නෙත ගෑවේ සිත සිත යාවේ
සිත් විල මල් පිපුණා
තැන තැන යන
සිත ළඟ නුඹ
ලංවී වෙන්වී දුක් දී සුව සදනා
ලොව කොතනක
ඔබ සිටිය ද (මා සිටිය ද)
තටු නැතුවට පෙම් සිත ඉගිලී යනවා
ඉකි බිඳ බිඳ මා සිහි කර
කොතැනද ඔබ ඉන්නේ
සොඳුරුම රැය ලඟ ඉන්නට
කවදද ඔබ එන්නේ
තැන තැන යන...
Поcмотреть все песни артиста
Other albums by the artist