ඔබේ හදවත සඳකඩ පහණේ
කැටයම් කළ ලියවැල සේ
මා ඇත එතිලා
ඇයි ඔබ මට මෙතරම් බැඳුණේ
යළි අප වෙන් නොම වන සේ
දෙසිතම බැඳිලා
හැම මොහොතෙම ඔබ ගැන සිතමි
නෙතු අභියස ඔබේ රුව මවමි
ඔබ වෙනුවෙන් කවි පද බඳිමි
ඒ පද වැල් ගීයෙන් ගයමි
ඔබේ සුවඳ සිහිනෙන් විඳිමි
ඔබේ හදවත සඳකඩ පහණේ
කැටයම් කළ ලියවැල සේ
මා ඇත එතිලා
ඇයි ඔබ මට මෙතරම් බැඳුණේ
යළි අප වෙන් නොම වන සේ
දෙසිතම බැඳිලා
ඔබ මුමුණන වදනක මුසුවී
සෙනෙහස එයි හද වෙත ලංවී
මගේ පැතුමන් ඇත විකසිත වී
ලෙන්ගතු වෙමි පෙම්වතියක වී
මගේ දිවිය ඔබ යැයි සිතමි
ඔබේ හදවත සඳකඩ පහණේ
කැටයම් කළ ලියවැල සේ
මා ඇත එතිලා
ඇයි ඔබ මට මෙතරම් බැඳුණේ
යළි අප වෙන් නොම වන සේ
දෙසිතම බැඳිලා
Поcмотреть все песни артиста
Other albums by the artist