Samitha Mudunkotuwa - Dangakara Hasapana lyrics
Artist:
Samitha Mudunkotuwa
album: Kadupul Malase
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ...
පෙම්වන්තයින් සේ හමුවන්න නිසිසේ
සිතකින් බැඳී ඉන්නෙමී
හද අරණේ දොර හැරී ඔබට ඉඩ ඇතී
මල්සර අතරේ බැල්මක රැඳිලා
ආරාධනා ඔබටමයි
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ...
මධු මල් පිපේවී විහඟුන් ගයාවී
පිපිමල් පරමල් නොවේවී
කවියක් සේ දැවටිලා ඔබ වෙත එන්නම්
සුවඳක දැවටී සුළඟේ පාවී
හද සනසනු හංස ලතාවී
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ...
Поcмотреть все песни артиста
Other albums by the artist