Milton Mallawarachchi - Samawa Denu Mana lyrics
Artist:
Milton Mallawarachchi
album: Acoustic Anthology
සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවානම්
හිත රිදවන්නට ඔබ හඩවන්නට
සිතුවේ නැත මානම්
සිතුවේ නැත මානම්
විෂකුරු මිනිසුන් ඇසුරෙන් මිදීලා
අව්වේ වැහි පින්නේ
කිරිදරුවෙකු මෙන් උනුහුම් වෙන්නයි
ඔබවෙත මා එන්නේ
ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙ
හිත සුවපත් කරලා
කොතැනක යන්නද කාට කියන්නද
අත්දෙක දික්කරලා
අත්දෙක දික්කරලා
සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවානම්
හිත රිදවන්නට ඔබ හඩවන්නට
සිතුවේ නැත මානම්
සිතුවේ නැත මානම්
ඔබ මගෙ හදවත් කුසුම පුබුදුවා
ඔය පාමුල රන්දයි
කොයික කියන්නෙත් කොයික කරන්නෙත්
ආදරේ වැඩි හින්දයි
ඔබ මගෙ හදවත් කුසුම පුබුදුවා
ඔය පාමුල රන්දයි
කොයික කියන්නෙත් කොයික කරන්නෙත්
ආදරේ වැඩි හින්දයි
ආදරේ වැඩි හින්දයි
සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවානම්
හිත රිදවන්නට ඔබ හඩවන්නට
සිතුවේ නැත මානම්
සිතුවේ නැත මානම්
Поcмотреть все песни артиста
Other albums by the artist