Milton Mallawarachchi - Mangale Neth Mangale lyrics
Artist:
Milton Mallawarachchi
album: Piyapath Sala
මංගලේ නෙත් මංගලේ
හංස ධේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනු සිතු සේ ජලේ //
මංගලේ නෙත් මංගලේ
සීතලේ ගැහෙනා හදේ මේ
උණුසුමේ සුව දී මවා
නිසසලේ රැඳෙනූ සිනාසී
නොපියඹා උදයේ හවා
දෑසෙ බැල්මයි නීල කැල්මයි
දෑසෙ බැල්මයි නීල කැල්මයි
මත් කරයි තවුසා පවා
මත් කරයි තවුසා පවා
මංගලේ නෙත් මංගලේ
හංස ධේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනු සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ
ආදරේ නමැති පොතේහී
මුල් පිටේ රූපේ ඔබයි
ඒ පොතේ ලියැවී තිබෙන්නේ
මා හිතේ ආශා තමයි
කියනු ළං වී බලමු ළං වී
කියනු ළං වී බලමු ළං වී
නැකත පෑහෙනවා සුබයි
නැකත පෑහෙනවා සුබයි
මංගලේ නෙත් මංගලේ
හංස ධේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනු සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
Поcмотреть все песни артиста
Other albums by the artist