Milton Mallawarachchi - Mee Amba Atthe lyrics
Artist:
Milton Mallawarachchi
album: Awarjana Gee 18
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ...
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ...
රබාන රත් වෙන නැකත් වෙලාවට
නලාව පිබහන් කොහෝ කොහෝ...
Music
ගිරා නිලෙන් පිරි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතය ගෙවෙද්දී
නෑගම් එනවද පෙත්තප්පූ
ගම්මැද්දේ සරු අවුරුදු දා
ගම්මැද්දේ සරු අවුරුදු දා
පච්චවඩම් පලදා...
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ...
රබාන රත් වෙන නැකත් වෙලාවට
නලාව පිබහන් කොහෝ කොහෝ...
Music
ඉහතෙල් ගානා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නගාලට
පිං පලදේ අවුරුදු ජයවී
එක මව් කුසයේ උපදීවා
එක මව් කුසයේ උපදීවා
මතු මතු සංසාරේ...
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ...
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ...
රබාන රත් වෙන නැකත් වෙලාවට
නලාව පිබහන් කොහෝ කොහෝ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ...
Поcмотреть все песни артиста
Other albums by the artist