Prince Udaya Priyantha - Ranwan Kumaro lyrics
Artist:
Prince Udaya Priyantha
album: Werala Konaka
රන්වන් කුමරෝ
ඇයි හැංගෙන්නේ
සැකයක් මා සිත උපදින්නේ
රන් සමනලියේ
සිත නොසැලෙන්නේ
සෙනෙහේ එකලෙස පවතින්නේ
අපි ලොවට හොරා රහසේ
මුමුණමු පෙම්බස් නිබඳේ
අපි ලොවට හොරා රහසේ
පියවී ඇයි දෝ මෙලෙසේ
සිත එකලස් නොවෙනා
ඔබෙ වෙනසක් මට දැනුණා
බාලෙ බැන්ද සෙනේ
එකවාගේමයි එලෙසේ
ඔබ රිදවා මා ලබනා
නැත සැප මා පතනා
අපි ලොවට හොරා රහසේ
මුමුණමු පෙම්බස් නිබඳේ
අපි ලොවට හොරා රහසේ
පියවී ඇයි දෝ මෙලෙසේ
දෑස් අයා සිටිනා
ලොවටද ඔබ බියවීලා
සමනල් ලෝකෙ පුරා
ඉගිලීලා යන්න එපා
බොළඳ පෙමින්
අන්ධ නොවී
ඉමු අපි සිත් නොතැලී
රන්වන් කුමරෝ
ඇයි හැංගෙන්නේ
සැකයක් මා සිත උපදින්නේ
රන් සමනලියේ
සිත නොසැලෙන්නේ
සෙනෙහේ එකලෙස පවතින්නේ
අපි ලොවට හොරා රහසේ
මුමුණමු පෙම්බස් නිබඳේ
අපි ලොවට හොරා රහසේ
පියවී ඇයි දෝ මෙලෙසේ
අපි ලොවට හොරා රහසේ
මුමුණමු පෙම්බස් නිබඳේ
අපි ලොවට හොරා රහසේ
පියවී ඇයි දෝ
Поcмотреть все песни артиста
Other albums by the artist