භවයේ පුරා සිතුවම් මවා
හද පැතුව රූ නාරි ඔබමයි සදා
පියුමන් පවා විකසිත වෙලා
පියමනින ඔබේ රුවට මන්මත් වෙලා
නැගු හසරැල් පවා මා හද දල්වලා
නිසසල වූ මා සිත අද චංචල වෙලා
දැනුනා හුරු පුරුදු බැව් පෙර හැම භවයේ පවා
නුබමයි එදා සුහදිනියේ මා
සැරසුයේ මගේ දිවිය සුසුමින් පවා
හිදිනට සැමදා කුමරිය ඔබ හා
නෑ සිත රැඳුනේ මන්දිරයේ මා
හැරයමි සොඳුරියේ මතක සදා
මතු භවයක යළි හමු නොවනා
ලතැවුල් නොමවන් කිසිදා
නිකලැල් සෙනෙහේ බැන්ඳා
කඳුළැල් නෙතු අග රන්දා
රදවන් මුවගේ සිනහා
දැවෙන සිතට ඔබගේ පෙමක සේයා
නෑ දැනුනේ සොඳුරේ
රැඳුනු පියසේ මසිත නැගුන ගිනිදැල් නෑ සිඳුනේ
පෙර හැම භවයෙම පසුපස හඹා එන
ස්නේහෙබර ප්රියම්භිකාව වුනා ඇය ඔහු හට
ආලේ ආලෙට සීමා නොවූ
කතාවකි එකල සිට පැවතෙත මෙය
සුර අඟනකි මිහිපිට වාසය කරන
පුදුමයි කවුරුන් මැවූ යුවලක්ද ඔබ
නමුදු හැර යන්නෙ නැති නිසා නොව පෙම
ලැබීමට මෙලොව කිසිවෙකු නොලැබූ ඵල
සිතු සැපත අතැර නොනිමි සසර කතර මතම සුවය සොයන
නැවත නැවත ඉපිද මියෙන මගට නිමක් දකිනු පිණිස
අඳුරු ලොවට පහන් එළිය ගෙනෙන්න විරිය දරන
උතුම් මිනිස ඔබද සියලූ සතන් පුදන පතන
නැත සොඳුරු හැඟුම් අත් හරින සිතේ
කටුකය මේම මඟ ලොව නොසිතු ලෙසේ
අස්ථිර දිවිය අවසන් වන මාර්ගය
සොයන දනනට නැත හිමි ආලය
භවයේ පුරා සිතුවම් මවා
හද පැතුව රූ නාරි ඔබමයි සදා
හිමි නොවන පෙම් කවක පද සරසලා
භව කතරේ කෙලවරට සක්මන් කලා
Поcмотреть все песни артиста
Other albums by the artist